පොහොට්ටුවෝ කා කොට ගනිති.. ජනපති ඉදිරියේ බැසිල්-ප්‍රසන්න ඇවිලේ…!

June 22, 2024 at 11:09 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂවරුන් නායකත්වය නොදරන පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වය ඇති පුළුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී ආවේගශීලීව ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවත් “ඔහේට අපිව එකවරක් එපා නම් අපිට ඔහෙ ඒවා සිය වතාවක් එපා” යනුවෙන් ද ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 17 වෙනිදා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාව සඳහා ප්‍රසන්න රණතුංග සහ ශ්‍රීලනිප පිරිසක් ද එකතු කර ගැනීම පිළිබඳ ද බැසිල් රාජපක්ෂ සිය අප්‍රසාදය පළකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *