20 වෙනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම ස්ථිර බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මේ වන විටත් පොහොට්ටුව සීසීකඩ විසිරී ඇති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
එම පක්ෂයේ 25 දෙනෙකු පමණ තමන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් සියලු දෙනා සිය හෘද සාක්ෂිය අනුව ඡන්දය ලබා දෙන බව ද හිටපු ඇමැති කිරිඇල්ල හෙළි කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.