පොහොට්ටුවේ 12ක් සජිත් ජනපති කරවන්න සජබයට….!

June 30, 2024 at 1:45 pm | by emanisa.lk

ඉදිරි දින දෙක තුන ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් පිහිටුවන සමගි ජන සන්ධානය වෙත එක්වීමට නියමිත බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සමගි ජන සන්ධාන පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව තනතුරු ප්‍රදානය කිරීමට නියමිත බවත් මිතුරු දෙමළ ජාතික පක්ෂ සහ මුස්ලිම් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂවල සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් සමගි ජන සන්ධානය සමග අලුතෙන් එක්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේ ය.

ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට සමගි ජන සන්ධානයේ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කරන බව පැවැසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව දේශපාලන ප්‍රචාරණ වැඩ කොයිතරම් සිදුකළත් ඒවා සාර්ථක නොවන්නේ රටේ ජනතාව ආර්ථික අපහසුතා මැද ජීවත්වන නිසා බව කීවේ ය.

මේ අනුව, සමගි ජන බලවේගයේ නව සන්ධානය ලබන මස තුළ පිහිටුවීමට නියමිත බව ද ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇතැතිව තම කණ්ඩායම මැතිවරණ තරග බිමට බසින බව ද හෙතෙම කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *