පොහොට්ටුවේ රාජපක්ෂලා වැලක් ඉන්නවා! මට ඇමතිකමින් එහා යන්න ලැබෙන්නේ නෑ! ඊට එහා යන්න ඕන නිසා ශ්‍රීලනිපයට ආවා!-වෙල්ගම

July 2, 2019 at 3:40 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හා පවුල් පාලනයට ඇති විරුද්ධතාව නිසා තමන් තිස් වසරක් තිස්සේ දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් ඉදිරියේ දී දේශපාලනය කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

කිසිම දිනෙක තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බව පැවසූ මන්ත්‍රීවරයා එහි මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද‍්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී ලෙස රාජපක්ෂලාව වැලක්ම සිටින නිසා ඔවුන් සමඟ එක්වන කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නොමැති බවද සඳහන් කළේය.

එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස