පොහොට්ටුවේ නිළියට අපේ ඇමතිතුමා එක්ක හැරෙන්නත් බෑ! අපි ඇල්පිටිය දිනලා පෙන්වන්නම්! – විජේපාල

September 15, 2019 at 8:11 pm | by emanisa.lk

ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කර පෙන්වන්නේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ඇල්පිටියේ පොහොට්ටුවේ සංවිධායකවරිය මන්ත්‍රී ධුරයත් අහිමි වූ නිළියක් බවත් එජාප සංවිධායකවරයා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කැබිනට් අමාත්‍යවරයා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඇමතිවරයකු සහ නිකන්ම නිකන් නිළියක අතර මැතිවරණ සටන කෙබඳු වනු ඇති දැයි මේ රටේ ජනතාවට අලුතින් කියාදීමට දෙයක් නැතැයි ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායකවරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහය. එජාප සංවිධායකවරයා අමාත්‍ය ගයන්ත කරුණාතිලකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස