පොහොට්ටුවේ තීන්දුව අදාළ නෑ… මගේ සහාය රනිල්ටමයි…! – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්….

July 30, 2024 at 9:29 am | by emanisa.lk

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

සිය x ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය කුමන තීන්දුවක් ගත්ත ද තමා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සිටින බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, තමන්ට එය වැදගත් නොවනයි ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *