පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා වෙන්න පුළුවන්! – බැසිල් (video)

June 12, 2019 at 12:47 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විය හැකි එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණය නියමිත අවස්ථාවේ පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව ද මැතිවරණ පවත්වන බවට මැතිවරණ කොමිසම මෙයට පෙර ද පවසා ඇති බව ද ඔහු සිහිපත් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස