පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වෙන්න ගිය වෙල්ගමට බදුල්ලත් අහිමි වෙයි!

June 30, 2019 at 9:31 am | by emanisa.lk

ශ්‍රීි ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම ඉවත් කර තිබේ. එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය ඊයේ (29) පස්වරුවේ රැස්ව මෙම තීන්දුව ගෙන ඇති අතර බදුල්ලේ නව සංවිධායක ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත් කර ඇත.

කුමාර වෙල්ගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමුහික තීන්දුවලට එකඟ නොවීම, ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම විවේචනය කිරීම සහ බදුල්ලට එම ප්‍රදේශයේම නායකයකු අවශ්‍ය වීම යන කරුණු මත වෙල්ගම ප්‍රතික්ෂේප කර තිබේ. කුමාර වෙල්ගම හැරුණු විට ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව පැවසෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කුමාර වෙල්ගම පළාත් පාලන මැතිවරණයට පෙර බදුල්ලේ සංවිධායක ධුරයට පත් කෙරිණි. පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයට ගිය වෙල්ගම පවසා තිබුණේ තමන් තවමත් හොඳ ශ්‍රී ලංකාකාරයකු බවත් ශ්‍රීලනිප ජනපති අපේක්ෂකත්වයට තමන් යෝජනා වුවහොත් එය සලකා බලන බවත්ය. හිටපු පාර්මලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසා තිබුණේ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා කුමාර වෙල්ගම සුදුසු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස