පොහොට්ටුවේ ගාලු හමුවට චන්දිම නොගනී! මහින්දට වැඳ කළ පව්වලට ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි කියයි!

July 10, 2019 at 8:21 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් බල මණ්ඩලය පසුගිය සතියේ පැවතියේ එහි ගාලු දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ සහ නියෝජ්‍ය නායක මොහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියහ.

කෙසේ වුවද ඒ සඳහා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් හිටපු ඇමති චන්දිම වීරක්කොඩිට ආරාධන කර තිබුණේන නැත. එහෙයින් ඔහු ඒ සඳහා සහභාගී වීම උදෙසා හිටපු ජනාධිපතිවරයා ද බැසිල් රාජපක්ෂ ද අමතා උත්සාහ කළේය. එම නායකයන්ගේ අනුමැතිය ලැබුණ ද ගාලු දිස්ත්‍රික් නායකයන්ගෙන් චන්දිමට කිසිදු සහනයක් ලැබුණේ නැත.

ඒ පසුගිය සමයේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වී පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට කෙනහිලිකම් කිරීම නිසාය. අදාළ රැස්වීමෙන් පසු පොහොට්ටුවේ ක්‍රියාකාරීන් පවසා තිබුණේ ගාල්ලේ ජන හමුවක දී මහින්දට සහ බැසිල්ට වැඳ පසුගිය සමයේ කළ වැරදිවලට ප්‍රසිද්ධියේ සමාව ගන්නේ නම් චන්දිම ගැන සිතා බැලිය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *