ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරයි.
කළුතර අද (04) පැවැති ජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ රට නිවැරදි මාවතක ගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවයි.
එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට කැපවන බව රෝහිත අබේගුණවර්ධන අවධාරණය කළේය.