පොහොට්ටුවේ උත්සවයට දයාසිරි දුමින්ද යයි! ජනපති අනුමැතියත් හිමි වෙයි!

August 21, 2019 at 9:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (21) රාත්‍රී කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ සුහද හමුවක් සංවිධානය කර තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද ඇරයුම් කර ඇත.

මේ සඳහා ශ්‍රීලනි වැඩ බලන මහ ලේකම් දයාසිරි ජයසේකරට මෙන්ම ජාතික සංවිධායක දුමින්ද දිසානායකට ද ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

ඊට සහභාගී වීම සඳහා ඔවුන්ට ජනාධිපතිවරයාගේ අනුමැතිය දැනටමත් හිමිව ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස