පොහොට්ටුවේ අපේක්ෂකයා දැක්කාම පුදුම හිතෙයි…! – මහින්ද…

July 18, 2024 at 10:07 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසි වේලාවට කරළියට ගෙන එන බවත් ඊට තවත් කල් වේලා ඇති බවත් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“අපේක්ෂකයා වෙලාවට කියන්නම්. දැන්ම කියන්න බෑ, වෙලාවට අපි කියනවා. තව වෙලාව තියෙනවා. ඉන්නකෝ. අපේක්ෂකයා දැම්මාම තේරෙයි කොච්චර බලගතු එක්කෙනෙක්ද අපි දාන්නෙ කියලා.”

මෙතෙක් රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා නොකළ බවත් ඔහු තමන් සමග එකතු වන්නට සූදානම් නම් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *