පොහොට්ටුවේ අපේක්ෂකයාට කිසිදු හානියක් වන තීන්දුවක් ශ්‍රීලනිපය ගන්නේ නෑ! – තිලංග

September 20, 2019 at 8:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයාට හානියක් වන කිසිදු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට කිසිදු වරමක් නොමැති බවත් මෙය දේශපාලනික වශයෙන් පිරිසක් සිර කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් දේශපාලන උත්සාහයක් බවත් ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ගැනීමට කිසිසේත් ඉඩක් නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස