වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධූර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙක් එම ධූරවලින් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.
මෙම පිරිස ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබා නොදීමට තීන්දු කිරීමත් සමග එම තීරණයට එළඹ තිබේ.
එම පිරිස වන්නේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත්ය.
කෙසේ වුව ද ආණ්ඩුව මෙම පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති අතර එම පිරිස ඉවත් වීම ආණ්ඩුවේ ස්ථාවරත්වයට සිදුකරන බලපෑම ඊට හේතුව විය හැකිය.