ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට තවමත් දැනුම් දී නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය.
අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවයි.