පොහොට්ටුවට බැරි නිසා රනිල් දිනනවා නම් හොඳයි…! – විමලවීර දිසානායක…

August 11, 2024 at 6:29 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්නේ නම් තමා කැමති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

ඔහු සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණු අපේක්ෂකයාට ජයග්‍රහණය කළ නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ අභියෝගය භාරගෙන හරි හෝ වැරදි හෝ ඔහුගේ දැක්ම අනුව කෝච්චිය ඉදිරියට ගෙන ගිය බවත් සජිත් හෝ අනුර පැමිණ එය පීලි පැන්නුවහොත් රට බිහිසුනු තැනකට ඇද වැටෙනු ඇති බවත් හෙතෙම කීය.

එවැනි තැනකට රට වැටෙනු දැකීමට තමන් අකමැති නිසා ඉදිරි මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්නේ නම් තමන් කැමති බව විමලවීර දිසානායක වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පොදුජන පෙරමුණු පළාත් පාලන නියෝජිත හමුවකට අම්පාරේ දී එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *