පොහොට්ටුවට පනින්න ගිය මහින්ද ශ්‍රිලනිපයෙන් පන්නයි!

March 13, 2020 at 9:00 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් මෙන්ම පානදුර ආසන සංවිධායක ධූරයෙන් මහින්ද සමරසිංහ ඉවත් කොට තිබේ.

මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගෙන පොදුජන පෙරමුණට එකතු වීමට සැලසුම් කිිිරීම ඊට හේතු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීම සඳහා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන මහින්ද සමරසිංහ ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂවරුන්ට සහයෝගය දීමට ඉදිරිපත් විය.

යහපාලන රජයේ අමාත්‍යධුර දරද්දී යුද්ධය කළේ මහින්ද රාජපක්ෂ නොව යුද හමුදාව බවත් ප්‍රකාශ කළ මහින්ද සමරසිංහ හම්බන්තොට වරාය චීනයට විකිණීම සඳහා වරාය කටයුතු අමාත්‍යවරයා ලෙස සෘජු දායකත්වයක් දැක් වූ බව ප්‍රකට කරුණකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස