ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් දාන එකේ තේරුමක් නෑ! – එස්.එම්. චන්ද්‍රසේන

August 7, 2019 at 11:39 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයකු නොව ජාතික අපේක්ෂකයකු බවත් මේ වන විටත් ජාතික අපේක්ෂකයා තීන්දු කර අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සිදුවූ සාකච්ඡා ඉතාම සුබවාදී තැනකට පත්ව ඇති බවත් එහි දී සඳහන් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කර පලක් නොමැති බවත් පොදුජන පෙරමුණට හානියක් නොවන ආකාරයට කටයුතු කළහොත් එය ශ්‍රීලනිපයේ යහපත සඳහා හේතු වන ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කිසියම් පක්ෂයක අපේක්ෂකයකු වෙනුවට ජාතික අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට ආචාර්ය නලින් ද සිල්වා වැනි ජාතිකවාදී කඳවුරේ විද්වතුන් මෙන්ම ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ද යෝජනා ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස