පොලිසිය සහ අන්තරේ ගැටුමක් හදා තවත් රතුපස්වලක් හදන සැලසුමක්!

March 1, 2020 at 4:55 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය සහ පොලිසිය අතර ගැටුමක් නිර්මාණය කර ගෙන එමගින් ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් සාකච්ඡා කර තිබේ.

එම පක්ෂයේ පෞද්ගලික සමාජජාලා කණ්ඩායමක් තුළ  මේ පිළිබඳ සාකච්ඡා කෙරී ඇති අතර ශිෂ්‍ය පෙළපාළියක් හෝ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ඔළු පැලෙන්නට ගල්වලින් පහර දී පොලිසිය කුපිත කර ගැටුම නිර්මාණය කරගත යුතු බව එහිදී යෝජනා වී ඇත.

එහිදී පොලිසිය ම්ලේච්ඡ ලෙස නිරායුද සිසුන්ට පහර දුන් බව පවසා විශාල මාධ්‍ය සන්දර්ශනයක් පැවැත්වීමත් එහි වගකීම ආණ්ඩුවට පැවරීමත් ජවිපෙ සැලසුම වී තිබේ. මෙහිදී ආබාධිත රණවිරුවන් ජවිපෙ සාමාජිකයන් විසින් හඳුන්වා ඇත්තේ ‘හමුදාවේ අබ්බගාතයන්’ ලෙසය.

මේ අවස්ථාවේ ආබාධිත රණවිරුවන්ට පහර දීමක් කරගැනීම අපහසු නිසා අන්තරේ සිසුන්ට පහර දීමක් කරගැනීමට යෝජනා වී ඇත. 2015 පෙර රතුපස්වල, මීගමුව සහ හලාවත වැනි ප්‍රදේශවල ද ජවිපෙ මේ ආකාරයටම ආරක්ෂක අංශ සමග ගැටුම් නිර්මාණය කරගෙන උද්ඝෝෂකයන් කිහිප දෙනෙකු ඝාතනය වීමට ඉඩසලස්වා අහිංසකයන් මරා දැමුවේ යැයි ⁣ආණ්ඩුවට චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස