පොලිස් අන නොතැකූ රියක් මාර්ග බාධක දෙකක් බිඳගෙන යයි! මෝද පාළම මත දී පොලිසිය වෙඩි තබයි!

April 3, 2020 at 8:53 am | by emanisa.lk

එ‍ගොඩඋයන වසමේ මෝදර අලුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසිය වෙඩි තබා තිබේ.

මෙම මෝටර් රථය මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය කර ඇති අතර, එගොඩඋයන පරණ පාරේ මාර්ග බාධකයේ දී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටිය ද එම රථය නොනවත්වා ධාවනය කර තිබේ.

අලුත් පාලමට ‍අනෙක් පැත්තෙන් ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන් ද මෙම රථය නැවැත්වීමට සංඥා කර ඇති නමුත් රථය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ බව මෝදර අලුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට දැනුම් දී අතර එම මාර්ග බාධකයේ දී මෙම රථය නැවැත්වීමට සංඥා කළ එම අවස්ථාවේ දී නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

අනතුරුව එම කාර් රථය පානදුර රෝහල අසල නවතා තිබිය දී සොයා ගෙන ඇති අතර, වෙඩි තැබීම හේතුවේන කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබුවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන අතර එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස