පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු ම නිලධාරින් උදෑසන ශරීර අභ්‍යාසවල නිරත වන ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දැනුම්දී තිබේ.
පොලිස් නිලධාරින් බහුතරයක් බෝ නොවන රෝග වැළඳීමේ අවධානමට ලක්ව ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත.
සියලුම පොලිස් ස්ථානවල වොලිබෝල් පිටියක් ස්ථාපිත කිරීමට ද වැඩ බලන පොලිස්පතිවරයා මෙම වැඩපිළිවෙළ යටතේ තීරණය කර ඇත.
ශරීර අභ්‍යාසවල නිරත වී තම ශරීර සෞඛ්‍ය රැකගෙන සිටින පොලිස් නිලධාරීන්ට වාර්ෂික ත්‍යාග සහ ප්‍රශංසා පිරිනැමීමට ද සැලසුම් කර තිබේ.
පසුගියදා පොලිසිය විසින් කළ සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ දකුණු පළාතේ පමණක් පොලිස් නිලධාරීන්ගේ සියයට පණහකට වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරු වී ඇති බවයි.