පොලිසියේ දී නගරාධිපතිගේ බර්ත්ඩේ පාටිය දැමූ ASPට වහාම මාරුවක්….!

May 31, 2021 at 4:59 pm | by emanisa.lk

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමක් කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක දී පැවැත්වීමේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය නිර්දේශ කර තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා ඔහුගේ උපන්දිය වෙනුවෙන් පොලිස් ස්ථානයක දී කේක් කපා සැමරුමක් සිදුකරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

අදාළ සිද්ධිය පොලිස් මූලස්ථානය දැඩිව හෙළා දකින අතර ඒ පිළිබඳ පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කොවිඩ් -19 වසංගය දුරු වේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගී වූ අතර එහි දී ඊයේ දිනට යෙදී තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ උපන්දිනය සැමරීම ද සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීම ද සිදුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස