පසුගියදා බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී පොලිසිය සමග ගැටුමක් ඇති කරගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත් තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි ඕස්ට්‍රේලියාවට පැන ගොස් තිබේ.
මෙලෙස ඔහු රටින් පළා ගොස් ඇත්තේ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පසුබිමකය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසා තිබුණේ සිය පුතා නුදුරේ දී ම පොලිසියට භාර දෙන බවය.
මුහුදු මාර්ගයෙන් තමා ඕස්ට්‍රේලියාවට පැමිණි බවත් ශ්‍රී ලංකා පොලිසියට හැකි නම් තමා අල්ලන ලෙස අභියෝග කරන බවත් සඳහන් ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වෙයි.
කෙසේ වුව ද මෙම ඡායාරූපය මෙයට පෙර රවිඳු ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවක ලබා ගත්තේ ද නොඑසේ නම් ලංකාවේ දී ලබා ගත් එකක් ද යන්න පැහැදිලි නැත.