පොලිසියට තග දැමූ කත කොල්ලුපිටියෙන් අත්අඩංගුවට…!

May 8, 2022 at 5:39 pm | by emanisa.lk

බොරැල්ල පොලිස් වසමේ මාර්ගයක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

මෙම තරුණිය ඇතුළු පිරිස කොල්ලුපිටිය හෝටලයක සිටිය දී අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පිරිස අතර තරුණියන් දෙදෙනකු හා තරුණයන් දෙදෙනකු වන බවත්, පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින තරුණිය වත්තල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියන් බවත් හෙළි වී තිබේ.

ඇය මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නියක් බව අනාවරණය වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඔවුන් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය සහ ත්‍රීරෝද රථය පැහැර ගෙන ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *