පොලිසියට අපි එළවන්න දෙන්න එපා…! – අරගලකරුවෝ උසාවි යති..

August 4, 2022 at 2:59 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

පොලිසිය ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගහවත්තේ කාශ්‍යප හිමි, ලහිරු ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් හෙට (05) සවස 5.00ට පෙර ඉවත් කරගන්නා ලෙස පොලිසිය ඊයේ (03) නියෝග කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *