පොලිස් කොමිසමට ස්වාධීන කතානායක කරූ දැඩි බලපෑම් කළා! මාරුවීම් අවලංගු කරන්න තමන්ට උවමනා නිලධාරීන්ට වැටුප් වැඩි කරන්න බලකළා! – ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති….

May 16, 2020 at 10:04 am | by emanisa.lk

ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ලබා දුන් ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ. කරලියැද්ද කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.

ඊට අමතරව එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකුට වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙසද ජයසූරිය තමනට බලපෑම් කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කරු ජයසූරියට ඇත්තේ කවර බලයක්දැයි යන්න දැඩි ප්‍රශ්නාර්ථයට මතු වන අතර ජයසූරියගේ බලපෑම්වලට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා අවනතව ක්‍රියා කරන්නේ නම් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇත්තේ කොහිදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස