පොලිස් කණ්ඩායම් 6කට හොයා ගන්න බැරි බදියුදීන් උසාවිය ළඟට ම ඇවිත් යයි!

October 17, 2020 at 5:03 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකි වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතීඥවරයෙකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ගොස් තිබේ.

මෙම පෙත්සම ඉකුත් 15 වෙනිදා නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු යටතේ 60කට අධික පොලිස් නිලධාරීන් යොදවා මෙහෙයුමක් දියත් කර ඇති පසුබිමක ඉතා ජනාකීර්ණ ස්ථානයක පිහිටි එම නීතීඥ කාර්යාලයට පැමිණ නිරුපද්‍රිතව නැවත යෑම පුදුම සහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස