ඊයේ විරෝධතාව අතර අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 44 දෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) කොළඹ වරාය පොලිසිය වෙත පැමිණ තිබේ.
කෙසේ වුව ද අත්අඩංගුවේ පසුවන විරෝධතාකරුවන් මුණ ගැසීමය පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැත.
වරාය පොලිසිය කියා සිටියේ එම ගුරුවරුන් අද දින අධකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
මෙම අවස්ථාවට නලීන් බණ්ඩාර ඇතුළු නීතීඥවරු කිහිප දෙනෙක් ද එක්ව සිටියහ. මෙලෙස විපක්ෂ නායකවරයාට බාධා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව නලීන් බණ්ඩාර සඳහන් කළේ ය.