පොලිස්පති වික්‍රමරත්න කුමන්ත්‍රණයක…! දේශබන්දුට පුටුව අහිමි වෙයි..!

March 18, 2023 at 2:28 pm | by emanisa.lk

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්වීම වැළැක්වීම සඳහා කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.

වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මෙම කුමන්ත්‍රණය මෙහෙය වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

අරගලය අවස්ථාවේ ජනාධිපති මැදුරෙන් හමු වූ මුදල් නිසි ලෙස නැවත භාර නොදීම යටතේ ගොනු කළ චෝදනා පත්‍රයක් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශයට යොමු කර තිබේ.

අරගල තුළින් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ඒ සඳහා සංචාරක පැමිණීම මෙන් ම ආයෝජන පැමිණීම අවශ්‍ය බවත් පෙන්වා දෙන කීර්ති රත්නායක, මේ අවස්ථාවේ රටට උවමනා අරගල පාලනය කළ හැකි පොලිස්පතිවරයෙක් බවත් කීර්ති රත්නායක වැඩි දුරටත් ප්‍රකාශ කළළ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *