පොලිස්පති පූජිතත් බලයෙන් පහ කළ අගමැති රනිල් ගිය මග යයි! ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරයි!

May 7, 2019 at 11:52 am | by admin

ජනාධිපතිවරයා විසින් තමන් කිසිදු හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණේ යැයි ජනාධිපතිවරයාට එරෙහිව පොලිස්පති පුජිත ජයසූන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට සූදානම් වෙයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීම සඳහා නියමිත ක්‍රියාමාර්ග අනුගමනය නොකර ඇති බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමට නියමිතය. එම සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය.

මෙයට පෙර අගමැතිවරයා ඉවත් කළ අවස්ථාවේ ද ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසූ අතර එහිදී ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ජනපති තීන්දුව නිෂ්ප්‍රභ කෙරිණි.

මේ වන විටත් පොලිස්පතිවරයා සිය නිල නිවසේ සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු එහි රැඳී සිටීමට ද තීරණය කර ඇත. කෙසේ වුවද ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද ආරක්ෂාව ද අඩු කර තිබේ.

පාස්කු ප්‍රහාරය සමග ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා ඉල්ලා අස්වීමට කැමති වුවද පසුව එජාප පාර්ශවය සමග සාකච්ඡා කර එම තීන්දුව වෙනස් කරගත් බව වාර්තා විය.

පොලිස්පතිවරයාට එරෙහිව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා ද එල්ල වන අතර පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හිතාමතා කටයුතු නොකළ බවට ද චෝදනා එල්ල වෙයි. පානදුරේ බෝම්බකරුවන් රැඳී සිටි නිවස පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කළ පොලිස් නිලධාරියාට මඩකලපුවට මාරුවක් ලබා දී ඇත්තේ ද පොලිස්පති පූජිතය. පූජිත ජයසුන්දර ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ තේරීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස