පොලිතීන් දේශපාලනයට තිත!

February 2, 2019 at 9:36 am | by admin

දේශපාලන කටයුතුවල සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීම වහාම නතර කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය සියලුම දේශපාලන පක්ෂවලට හා පළාත් පාලන ආයතනවලට දැනුම් දී ඇත.

ඒ අනුව ඒ ඒ පක්ෂවල ආසන සංවිධායකවරුන්ටද ඒ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ ලිඛිතව දැනුම් දී ඇති අතර නීතිය කඩකරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වේ.

ඒ ඒ ආසනවල පක්ෂයට අදාළ පැහැයෙන් යුතු පොලිතින් හා ප්ලාස්ටික් යොදා ගනිමින් දේශපාලන කටයුතුවල සැරසිලි කළහොත් ඒ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් වගකිව යුතු බව දන්වා ඇත.

චමින්ද සේනාරත්න
අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස