පොල් වගාව නඟා සිටුවන්න සැලසුම්…! පොල් පැල ලක්ෂ 40ක් රෝපණය කෙරේ…!

July 10, 2021 at 6:32 pm | by emanisa.lk

“පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේ දී ආරම්භ කෙරිණ.

වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධාන කරයි.

කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළින් තබා ගැනීමට තේ, පොල්,රබර් යන අපනයන භෝග සමත් විය. අනාගතයේ දීත් එම අවකාශය දිනා ගනිමින් පොල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ප්‍රවර්ධනයට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණ.

පොල් පැළ මිලියනයක් සමෘද්ධිලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ සහ මිලියනයක් කැමති ඕනෑම අයෙකුට මිලදී ගෙන වගා කළ හැකි අයුරින්, ඉදිරි වසර තුළ පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *