නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ආසන ප්‍රමාණයට වඩා මගීන් රැගෙන ගිය මගී ප්‍රවාහන බස් රථයක රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට රු. 7000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේඛ දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ නියෝග කළේය.
අනුරාධපුර මහවිලච්චිය මාර්ගයේ මගී බස් රථයක් ධාවනය කළ රියදුරෙකු සහ කොන්දොස්තරවරයකු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මෙම දඩය පනවා තිබේ.
බසයේ ආසන ප්‍රමාණයට වඩා මගීන් 34 දෙනෙකු බසයේ රැගෙන ගිය බවට අනුරාධපුර මූලස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් මෙම නඩුව පවරා තිබිණි.
වරද පිළිගත් කොන්දොස්තරවරයාට රු. 4000ක ද වරදට අනුබල දුන් රියදුරුට රු. 3000ක ද දඩ නියම කෙරිණි.