පොදු ප්‍රවාහන සේවය අලුත් සැලැස්මකට! ආයතනවලට වෙනම ලංගම බස්! දුම්රිය මැදිරිවලට හමුදාව!

May 2, 2020 at 5:15 pm | by emanisa.lk

රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත කර සාමාන්‍ය කටයුතු ආරම්භ කිරීමෙන් පසු ප‍්‍රවාහන සේවා සැපයීමට ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය නව සැලසුමක් සකස් කර තිබේ.

ඒ යටතේ ඒ ඒ ආයතනයට බස් රථ වෙන වෙනම ලබාදීමටද ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා ඇත.  වෙන බස් රථ ලබා ගැනීම සඳහා දැනටමත් ඉල්ලූම් කර තිබෙන බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ විය.

මේ අතර ලබන 04 වනදා එනම් අනිද්දා සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සේවාවන් සලසන්නේ අදාළ ආයතනවල ප‍්‍රධානීන් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණි.

දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙනු ඇත. දුම්රියට ප‍්‍රවේශ වීම සඳහා එම SMS පණිවුඩය ආරක්ෂක අංශ වෙත ප‍්‍රදර්ශනය කළ යුතුය.

සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස