පොදු ප්‍රවාහන සේවයේ ලොරි චැසි බස් තහනම්! මෙතැන් පටන් යුරෝපීය ප්‍රමිතියේ බස් පමණයි!

January 2, 2020 at 5:15 pm | by emanisa.lk

වර්තමානයේ මෙරට පොදු ප්‍රවාහනයට භාවිත කරන ලොරි චැසි බස්රථ ගෙන්වීම ඉදිරියේ දී තහනම් කිරීමට තීරණය කර තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ පහසුව සඳහා මෙම තීරණය ගත් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

වර්තමානයේ පොදු ප්‍රවාහන බස් රථ ලෙස යොදාගන්නේ ඉන්දියානු ලොරි චැසි සඳහා බස් බොඩි සවි කිරීමෙනි.

මේ අනුව ඉදිරියේදී පුද්ගලික අංශයට යුරෝපීය තත්ත්ව සහතික ලත් පහත් පතුල් බස් රථ (Low-floor bus ) පමණක් ගෙන්වීමට අවසර දීමට නියමිතය.

එම බස් රථවල ආසන වඩා සුව පහසු අතර ඒ සඳහා ගොඩවීම ද අපහසුවක් නොමැති නිසා ගමන් කිරීමේ අපහසුතා ඇති පුද්ගලයන්ටද පහසුවෙන් ගොඩ විය හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *