පොදුජන පෙරමුණේ සාදයට ජනපති මෛත්‍රීත් පැමිණෙයි!

August 22, 2019 at 9:47 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ඊයේ (21) රාත්‍රී විශේෂ භෝජන සංග‍්‍රහයක් කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම විශේෂ රාත්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද ඊට සහභාගි වී තිබේ.

මෙයට පෙර වාර්තා වූයේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට ද එම සාදය සඳහා ඇරයුම් ලැබී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස