පොදුජන නිදහස් සන්ධානය බිහිවෙයි! නායක මහින්ද! සභාපති මෛත්‍රී! ලේකම් බැසිල්!

February 17, 2020 at 5:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වය අගමැති මහින්ද රාජපක්ෂට හිමි වෙයි. එම සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනය.

ලේකම් ධුරයට බැසිල් රාජපක්ෂ ද ජාතික සංවිධායකවරු ලෙස විමල් වීරවංශ සහ දයාසිරි ජයසේකර ද පත්කර ඇත.

නියෝජ්‍ය සභාපති ධුරය දිනේෂ් ගුණවර්ධනට ද උප ලේකම් ධුරය උදය ගම්මන්පිලට ද උප සභාපතිවරු ලෙස තිස්ස විතාරන සහ වාසුදේව නානායක්කාර සහ ඩිවු ගුණසේකර පත්කර තිබේ. නියෝජ්‍ය ලේකම් මහින්ද අමරවීරය.

සන්ධානයේ ඡන්ද සලකුණ පොහොට්ටුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස