පේරාදෙණිය ලොව සුපිරිම කෝවීඩ් පරීක්ෂණ කට්ටලය නිපදවයි…! විනාඩි 30න් ප්‍රතිඵල…! දිනකට ලක්ෂ 300ක මුදල් ඉතිරියක්….! දෙස් විදෙස් වෙළෙඳපොළට බෙදා හරින්න සූදානම්….!ජ

March 27, 2021 at 8:50 am | by emanisa.lk

දිනකට රුපියල් ලක්ෂ 300ක් පමණ රජයට ඉතිරි කරදෙන වඩාත් කාර්යක්ෂම කොවිඩ් පරීක්ෂණයක් පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

විනාඩි 30න් ප්‍රතිඵල පෙන්වන මෙම පරීක්ෂණය දැනට ඇති අනෙකුත් පරීක්ෂණවලට වඩා වැඩිම සංවේදිතාවක් සහිත වූවකි. එය මේ වන විට කෙළ මගින් පරීක්ෂාව කළ හැකි ආකාරයට වැඩිදියුණු කරමින් පවතින බව මේ පර්යේණය සැලසුම් කළ පේරාදෙණිය සරසවියේ පශු, මහජන සෞඛ්‍ය සහ භීෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු පවසයි.

පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක අප හා පැවසුවේ පර්යේෂණයට යොදාගන්නා සාම්පල තුළ වෛරස ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක කාලයක දී කොවිඩ් 19 ඇති – නැති බවට ප්‍රතිඵල ලබාදීමට මේ පරීක්ෂාව සමත් බවය. දැනට පීසීආර්වලට යන මුදලින් අඩක් පමණ මේ සම්පූර්ණ පරීක්ෂාවට වැයවෙන බව ඔහු පෙන්වා දෙයි. එහෙයින් වඩාත් ලාබදායී සහ නිරවද්‍යතාව අතින් වඩාත් ඉහළ ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන මෙම පරික්ෂාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීමට මේ වන විට පියවරගෙන ඇති බව ඔහු කියයි.

මෙම පරීක්ෂණය RT-LAMP ලෙස කෙටියෙන් හැඳින්වෙන අතර අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලත් පසු මේ පරීක්ෂණ උපකරණ කට්ටල නිෂ්පාදනය කර මහා පරිමානයෙන් බෙදාහැරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝමාගම පිහිටි දේශීය සමාගමක් සමඟ මේ වන විට ද ගිවිසුම්ගතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *