පෙළපාලි ගිහින් ජනරැලි තියලා වැඩක් නෑ..! පාලකයෝ මේ රට හදන්නේ නෑ…! – දිලිත් රට හදන අලුත් ප්ලෑන මෙන්න….

April 29, 2022 at 5:58 pm | by emanisa.lk

අපගේ ව්‍යාපාර ගොඩනඟා දියුණු කරගතහොත් එමගින් රටත් දියුණු වන අතර රට ගොඩනැඟීමට බලයක් ද හිමි වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීැර පවසයි.

තරුණ ව්‍යවසාකයින් පිරිසක් අමතමින් ගාල්ලේ දී ඔහු මේ බව පවසා තිබේ.

“අපි විවිධ බලාපොරොත්තු තියාගෙන ඉස්සරහට ඇවිල්ල තියනවා. අවසානයේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ ව්‍යවසායකත්වය ගැන විශ්වාසය තියන්න විතරයි. මේ රට මෙතනින් එහාට යන්නෙ නෑ. ගියත් යන්නෙ ආපස්සට. ඒක පැහැදිලියි. ඒක අපි කිසිසේත් ම ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

එහෙමනම් නිර්මාණාත්මක ප්‍රවේශයක් මේ රටට අවශ්‍යයි. අනිකුත් රටවල් දියුණු වුණා වගේ. ඒ රටවල් වල ව්‍යවසායකත්වය සහ නිර්මාණාත්මක භාවිතය තුළ පමණයි ඒ අය ගොඩනැගුණේ. අපි මේ සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කළ යුතුයි. හැබැයි ඒ අභියෝගය කරන්නේ තවත් සම්ප්‍රදායික වැඩ කරලා නම් ඒක අභියෝගයක් නෙමේ.

මං මේ කරුණ දකුණදිම ගාල්ලෙදි ම කියලා යන්න ඕන. එතකොට තමයි වටින්නේ. අද අනාගත වාක්‍ය කියන්නම්. මේ රට අපි ඉදිරියට ගෙනියනවා. ඒ ගෙනි යන්නේ නිර්මාණාත්මක භාවිතය ජනගත කරලා. පරණ වැඩේ කරලා නෙමෙයි. පරණ විදිහට පෙළපාලි ගිහිල්ලා පරණ විදිහට බස්වලින් සෙනඟ ඇදලා නෙමෙයි.

අලුත්ම නිර්මාණාත්මක ප්‍රවේශයක්. මේ රටේ අනාගතය වෙනුවෙන් “අපි” අපි කියන්නේ අපි…. ව්‍යවසායකයෝ, නව නිර්මාණකරුවෝ, තරුණ නිර්මාණශීලී මිනිස්සු මේ රටේ සැබෑ උරුමක්කාරයො. ඒ නිසා මගේ සහෘදයන්ට මං ආයාචනා කරනවා. විශේෂයෙන්ම ලාංකීය ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා.

අත්තාහි අත්තනෝ නාථෝ. තම හිසට තම අතමය සෙවනැල්ල. අපි රට හදන්න ඉස්සෙල්ලා තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්න ඕන. එතකොට තමයි රට දියුණු වෙන්නෙත්. රට ගොඩ නගන්නත් අපිට බලයක් ලැබෙන්නේ. නැත්නම් අපිට බලයක් නෑ. නැත්තං ඔබට එකතුවෙන්නේ පදනමක් නෑ. අවසන් වශයෙන් ආයාචනා මං කරනවා නිර්මාණාත්මක භාවිතය තුළ හදාගන්නා ප්‍රාග්ධනය රැකගෙන ඉදිරියට යමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *