පෙරටුගාමී – ජවිපෙ සිසු ගැටුමක්… දින නියමයක් නැතිව ජ’පුර වසා දැමේ…!

September 13, 2024 at 10:49 am | by emanisa.lk

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසු දෙපිරිසක් අතර ගැටුම හට ගෙන ඇත්තේ විශ්වවිද්‍යාල කලා උළෙලක් සම්බන්ධයෙනි.

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම් දී ඇත්තේ ඊයේ සවස 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.

විශ්වවිද්‍යාලීය කලා උළෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පහර දීම සිදුකළ බවට චෝදනා නැගෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *