පෙරටුගාමී අන්තරේ ශිෂ්‍යයෝ කැම්පස් එකේ වධකාගාර පවත්වාගෙන ගියා! කැම්පස් වත්තේ පොල් ටිකත් හොරා කඩලා විකුණ ගත්තා! අන්තිමට ළහිරු විප්ලවේ අතෑරලා දෙරණෙන් කසාදයක් බැඳගත්තා! රුහුණේ උපකුලපති

June 11, 2019 at 4:01 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වසර 10-15ක් තිස්සේ රුහුණු විශ්වවිද්‍යාලය තුළ කොටි සංවිධානය මෙන් ෆැසිස්ට් පාලනයක් පවත්වා ගෙන ගිය එහි උපකුලපති ආචාර්ය ගාමිණි සේනානායක පවසයි.

මෙම ශිෂ්‍ය සංවිධානය වසර 15ක පමණ කාලයක් තිස්සේ යකඩ දොරවල් සහිත වධකාගාර යොදා ගනිමින් නවක වධයට සහ තම අණට කීකරු නොවන සිසුන්ට ලිංගික අඩන්තේට්ටම් ඇතුළු නොයෙක් වද බන්ධන ලබා දුන් බව ද තමා ඒ සියල්ල නතර කිරීමට කටයුතු කරන බව ද පවසයි.

උද්ඝෝෂණ පෙළපාලි සඳහා සම්පූර්ණයෙන් රැගෙන යන්නේ පළමු වසරේ සිසුන් වන අතර  සෙසු අය නොයන බවත් මෙම පිරිස ද ඒ සඳහා රැගෙන යන්නේ බලහත්කාරයෙන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ ශිෂ්‍ය සංවිධාන විශ්වවිද්‍යාලයේ පොල් ගස්වල පොල් ටික පවා කඩා විකුණා ගනිමින් සිය ශිෂ්‍ය ව්‍යාපාරවලට මුදල් උපයා ඇති බවත් කොටි සංවිධානය මෙන් ෆැසිස්ට් පාලනයක් පවත්වා ගෙන යමින් නවක වධය දෙන මෙම ශිෂ්‍ය කණ්ඩායම්වල කටයුතු අවසන් කිරීමට තමා මැදිහත් වන බවත් උපකුලපතිවරයා අවධාරණය කළේය.

මේ ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙයවමින් ළමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ ළහිරු වීරසේකර දෙරණේ නිවේදිකාවක් විවාහ කරගත් බවත් ළහිරු අයියලා අපේ අධ්‍යාපනය කඩා කප්පල් නොකළා නම් අපටත් මේ වගේ විවාහ වෙන්න තිබුණා යැයි ඔවුන්ගේ පින්තූරවලට කමෙන්ට් දමා තිබුණු බවත් උපකුලපතිවරයා හෙළි කළේය.

විශ්වවිද්‍යාලයේ තත්ත්වය පිළිබඳ දෙමාපියන් විසින් තමන්ට ලිපි ගණනාවක් යොමු කර ඇති බවත් සිසුන් පීඩාවට පත් කරන නවක වධය පවත්වා ගෙන යාමට කිසි සේත් ඉඩ ලබා නොදෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *