පුළුවන් නම් ඩොලර් 35ට බොරතෙල් අරන් දෙන්න…! – බලශක්ති අමාත්‍යංශය…

August 9, 2022 at 8:34 am | by emanisa.lk

බොරතෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 35 ට ගත හැකි බව පවසන ඕනෑම පුද්ගලයකුට හැකිනම් එය ඉටු කර දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ පවසයි.

බොරතෙල් බැරලයක් ඩොලර් 35ට ගත හැකිව තිබිය දී අමාත්‍යාංශය එය මගහැර කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල පළකරන නැව පසුගිය ජුනි මාසයේ මෙරටට ළඟාවී තිබූ බොරතෙල් නැව බවත් එය ලබාගෙන ඉන්ධන නිපදවා අවසන් බවත් ලේකම්වරයා කියා සිටී.

ජාතික නිදහස් පෙරමුණ විසින් රුසියාවෙන් ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමට හැකි බවට ඉදිරිපත් කර තිබෙන අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍යාංශය අවධානය යොමුකර එම ගිවිසුමේ විසඳාගත යුතුව තිබූ නීති ගැටලු කිහිපයක් නිරාකරණය කරගැනීමෙන් පසු කඩිනමින් එකඟතාවකට පැමිණිය හැකි ද යන්න ප්‍රකාශ කරන බව ද ලේකම්වරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *