පුරාණ විහාරස්ථාන රකින්න පසුබට වෙන්නේ නෑ! – අගමැති

February 25, 2019 at 12:00 pm | by admin

පුරාණ විහාරස්ථාන ආරක්ෂා කිරීමට රජය පසුබට වන්නේ නැති බවත් එම විහාරස්ථානවල අඩුපාඩු මගහැරීමට පියවර ගන්නා බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහනුවරදී ඊයේ (24 වැනිදා) මාධ්‍යයට පැවැසීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊයේ පෙරවරුවේ බැහැදැකීමෙන් පසුව අග‍්‍රාමාත්‍යවරයා එසේ පැවැසීය.

පැරණි විහාර දියුණු කිරීම අවශ්‍ය කරුණක් බවත් සංස්කෘතික අමාත්‍යාංශය සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර සංවර්ධන කටයුතු සැලසුම් කළයුතුව තිබේ යැයිද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.

මහානායක ස්වාමීන්ද්‍රයන් සමග පැවැති සාකච්ඡාව මාධ්‍යයට අවසර නොලැබිණි.

මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍යවරයා සමග ලකී ජයවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර ද මහනුවර නගරාධිපති කේසර ඩී. සේනානායක, හිටපු නගරාධිපති රාජා පුෂ්පකුමාර සහ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ද සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස