පුපුරව ගෙන බලයට ආව ආණ්ඩුව ගෙදර යන්නෙත් පුපුර ගෙන තමයි…! – තිස්ස..

December 11, 2021 at 12:24 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පාවිච්චි කළ උපායමාර්ගික  ක්‍රියාවලිය මේ වන විට ඔවුන්ට පාරාවළල්ලක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (11) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ ආණ්ඩුව පැමිණියේ ම බෝම්බ පුපුරුවා ගෙන වන අතර එය අද බරපතළ ලෙස ඔවුන්ට ම විඳවීමට සිදුව ඇති බවයි තිස්ස අත්තනායක අවධාරණය කරයි.

මේ වන විට නිවෙස්වල ගෑස් සිලින්ඩර පුපුරා යාම, පොහොර ටැංකි පුපුරා යාම සිදුවෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව බලයට පැමිණි අයුරින්ම නැවත ගෙදර යාමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස