පුපුරන ද්‍රව්‍ය ඇටවූ වාහන කිහිපයක් පිළිබඳ අනතුරු අඟවයි! විමසිලිමත් වන්න!

April 23, 2019 at 5:49 pm | by admin

පුපුරන ද්‍රව්‍ය අටවා පුපුරුවා හැරීමට සැලසුම් කළ වාහන සහ යතුරු පැදි කිහිපයක් පිළිබඳ බුද්ධි අංශ රජයට අනතුරු අඟවා තිබේ.

මෙලෙස කුඩා ලොරි රථයක් වෑන් රථයක් සහ යතුරු පැදි කිහිපයක අංක ද පිළිබඳ තොරතුරු ලැබී තිබේ. එම තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දී ඇතැයි වාර්තා වෙයි.

සැකකටයුතු වාහන සහ පාර්සල් පිළිබඳ 116 අංකයට දැනුම් දෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස