පුදපු ගමන් කාපි යකා! එජාප නව සන්ධානය හබක්! ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි! අගෝස්තු 05 මහා සමුළුවත් නෑ!

August 1, 2019 at 5:14 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යධිකාරි මණ්ඩල අරලියගහ මන්දිරයේදී අද (01) උදෑසන රැස්විය.

අද පැවති කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ගෙන තිබේ. නව සන්ධානය ගොඩනඟන්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සතු බලය පැහැර ගැනීමට බව එහිදී ඇතැම් ඇමතිවරුන් පෙන්වා දී තිබේ.

සම්මේලන හෝ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි කියා තීරණය කළ යුතු බවට යෝජනා කළ බව ඔහු සඳහන් කළේය. නව සන්ධානයක් ගොඩනැඟීමට පක්ෂ වුවද එහි ව්‍යවස්ථාවට එකඟ නැති බව ඇමති හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබා තිබිණි.

සන්ධානයේ නායකත්ව මණ්ඩලයේ 11 දෙනෙකු එනම් 2/3 බලයක් එජාපයට හිමි විය යුතු බව කාවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත පැවසුවේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදාළ යෝජනා ලිඛිතව දක්වන ලෙස අගමැතිවරයා දන්වා ඇති අතර අගෝස්තු 05 වෙනි දිනට යෙදී තිබුණු එජාපය ප්‍රමුඛ සන්ධානයක් ගොඩ නඟන සමුළුව ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස