පුතා පැහැරගෙන පියාගෙන් කප්පම් ඉල්ලූ මව අත්අඩංගුවට!

March 10, 2019 at 1:49 pm | by admin

වව්නියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති දරුවකු සඟවා විදෙස් ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ දරුවාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8 ක් වයසැති ටී.තමිලවන් නැමති දරුවා පසුගිය 6 වැනි දා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 7 වැනි දා පුලියන්කුලම් පොලීසිය වෙතට දැනුම් දී තිබිණි.

පසුව පුලියන්කුලම් පොලීසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකරන දුරකතන අංක ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණ වලදී පැහැර ගැණූනු දරුවා වව්නියා ඕමන්ත ප්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදියක් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ පැහැර ගැණුනු දරුවාගේ මව ප්‍රදේශයේ බැංකු කිහිපයකට හා මූල්‍ය ආයතන කිහිපයකට ණය වී ඇති හෙයින් අදාළ ණය මුදලින් බේරීමට විදෙස් ගතව සිටින සිය සැමියාගෙන් මුදල් ගැනීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි.

එහිදි මවගේ සහෝදරයෙකු සහ පියාගේ සහෝදරයෙකු මෙම සැලසුමට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස