පුත්තලම පාලවිය කතෝලික පිළිම කැඩූ අපරාධකරු හඳුනාගනී! අපරාධකරු කතෝලික ආගමේ සිට පිළිම වන්දනාවට එරෙහි අන්තවාදයක් වැළඳගෙන!

May 22, 2020 at 11:28 am | by emanisa.lk

පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කල පුද්ගලයා හදුනා ගැනිමට හැකි වූ බව පුත්තලම පොලීසිය පවසයි.

මේ පිළිබඳව පුත්තලම පොලීසය මගින් දිගින් දිගටම සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵලයක් ලෙස අසල පාසලක තිබූ සි.සි.ටි කැමරාවක තිබූ දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම පුද්ගලයා හදුනා ගැනීමට හැකි වී තිබේ.

මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකළ දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවලටය.

මෙම පුද්ගලයා කතෝලික ආගමේ සිට දේව පිළිම ඇදහීන් නොකරන පල්ලියට ආගම ඇදහීමකට යාම නිසා මෙලෙස පිළිම කැඩීමට නිරන්තරව සිදු කරන බවත් මීට පෙරද මේ අකාරයෙන් පිළිම කැඩීම් සිද්ධීන් කිහිපයක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස