කොරෝනා ලෙඩා පල්ලි තුනක යාඥා කරලා! පුත්තලමේ 100ක් සහිරා විදුහලේ නිරෝධායනයේ!

March 29, 2020 at 10:14 am | by emanisa.lk

පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ  හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර පවසයි.

පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා ඇතැයිද ලේකම්වරයා පැවසීය.

අද (28) කඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු මෙම කොරෝනා ආසාදිතයාගේ පවුලේ උදවිය  හා තවත් නිවාස දෙකක පිරිසක් සමඟ  මොහු යාඥා සදහා සහභාගි වු දේවස්ථාන තුනක පිරිසක් මෙසේ නිරෝධායනය කිරිමට නියමිත ය.

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට නියමිත පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක්  පුත්තලම නගර සභාව පිරිසිදු කිරිම් ආරම්භ කළ  බවත් අද(29) යුද හමුදාව විසින් අදාල නිරෝධායන මධ්‍යස්ථානය  ලෙස සැකසීම් අරඹන බවද පැවසිය.

තවද මෙම නිරෝධායන මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් යුද හමුදාව විසින් අධික්ෂණය කරන බවත් පිරිසිදු කිරිම් , ආහාර පාන සැපයිමද පුත්ලම  නගර සභාව මේ වන විට භාර ගෙන ඇති බව කියයි.‍

දිස්ත්‍රික් ලේකම් වරයා මෙහිදි පවසා සිටියේ මෙම තිරණය ඊයේ(28)  රාත්‍රියේ ගත් බවත් මෙය පුත්තලම නගරයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් ගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස