පුත්තලමේ සනත් රටේ නීති කඩයි! අංක තහඩු නැති යතුරුපැදියක හෙල්මට් නැතිව පෙළපාළි යයි!

July 27, 2020 at 10:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පුත්තලම දිස්ත්‍රික් නායක සනත් නිශාන්ත නීති විරෝධී ආකාරයේ මැතිවරණ ප්‍රචාරක පෙළපාළි පැවැත්වූයේ යැයි චෝදනා නැඟෙයි.

ඔහු සිය ආධාරකරුවන් පිරිවරා අංක තහඩු රහිත යතුරු පැදියක නැඟී හිස් ආවරණ නොමැතිව යතුරු පැදිවල නැඟී යන ඡායාරූප මාධ්‍යයට නිකුත් වී තිබේ. ඔහුගේ ඇතැම් ආධාරකරුවන් ද හිස් ආවරණ පැළඳ නොමැත.

සනත් නිශාන්තලා හෙල්මට් නොමැතිව යතුරුපැදිවල යන අතර පොලිස් නිලධාරියකු හෙල්මට් පැළඳ පාගමනින් යන අයුරු එහි දැකගත හැකිය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද සිය විරෝධය මේ සඳහා පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස